Tuesday, January 1, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා


ඔන්න 2013 ත් ආවා. මම සෑහෙන කාලෙක ඉදන් හිතන් හිටියෙ මගෙ ඩයරියක් ලියන්න පටන් ගන්න ඕනෙ කියල. ඒත් ඉතින් කොහෙද ඒකට වෙලාවක්. කොහොම උනත් වෙලාව නැහැ කියන්නෙ මහ බොරු කතාවක්. වෙලාව කියන්නෙ අපේ මූලිකත්වය දීම. අපි ‍ මොකක් හරි දේකට මූලිකත්වය දෙනව නම් නොදැනු වත්වම අපිට ඇති තරම් වෙලාව තියෙනව ඒ දේට. ඉතින් මමත් හිතුව පොඩ්ඩක් බ්ලොග් එකට මූලිකත්වය දෙන්න ඕනෙ කියල. ඒත් ඉතින් මම මොනවද ලියන්නෙ. ලියන්න නම් දේවල් සෑහෙන්න තියෙනව. කියවන්න නම් කවුරුත් නැති වෙයි. ඒත් 2013 න් පස්සෙ අලුත් ලෝකයක් හැදිල තියෙන නිසා මගේ ජීවිත කතාව බ්ලොග් එකක හරි ලියල තිබ්බොත් හොදයි කියල හිතෙනව. මොනා කරන්නත් කලින් පලවෙනි පෝස්ට් එක දාන්න ඕන නේ. ඕනෙම වැඩක් පටන් ගන්න පලවෙනි පියවර ති‍යන එක තමා වැදගත්. ඊට පස්සෙ කොහොම හරි වැඩේ ඉස්සර හට යනව.

එහෙනම් ඔන්න ලැබුවා වූ මේ සුභ අවුරුද්ද ඔයාල හැමෝට ම සුභම සුභ අවුරුද්දක් වේවා කියල කියාගෙන මමත් බ්ලොග් එක පටන් ගන්නවා

No comments:

Post a Comment